කොළඹ පොදුරාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමියේදී 2026 වාර්ෂික සිහිපත් කිරීමේ උත්සවය පැවැත්විණි
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද වාර්ෂික සිහිපත් කිරීමේ උත්සවය 2026, 2026 නොවැම්බර් මස 11 වන දින කොළඹ 07, ලිවරමෙන්ටුහි පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමියේදී පවත්වන ලද අතර මෙම උත්සවය සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා, ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඉසබෙල් මාටින් මහත්මිය, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහභාගී වූහ. තවද, රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයින්, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පළමු ලෝක යුද්ධයේදී සහ ඉන් අනතුරුව ඇති වූ සන්නද්ධ ගැටුම්වලදී තම ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන් සිහිපත් කිරීම මෙම වාර්ෂික උත්සවයේ ප්‍රධාන අරමුණ විය. 1918 වසරේ නොවැම්බර් මස 11 වන දින පෙරවරු 11.00ට බටහිර පෙරමුණේ සටන් විරාමය ක්‍රියාත්මක වීමත් සමඟ පළමු ලෝක යුද්ධයේ සතුරුකම් අවසන් වූ ඓතිහාසික අවස්ථාව ද මෙහිදී සිහිපත් කෙරිණි.
උත්සවයට සහභාගී වූ පිරිස ජාතීන් වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ගෞරව උපහාර පුද කරමින් ඔවුන්ගේ අසීමිත ධෛර්යය, කැපවීම සහ සේවය සිහිපත් කළහ. එමෙන්ම, විවිධ පරම්පරාවන්හිදී සන්නද්ධ ගැටුම්වලට මුහුණ දෙමින් ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ උරුමය අගය කරමින් සාමය, නිදහස සහ ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.