ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහල රත්මලාන සිය 18 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහල රත්මලාන සිය 18 වන සංවත්සරය 2026 නොවැම්බර් මස 11 වන දින රෝහල් අණදෙන නිලධාරිනී ගෲප් කැප්ටන් ප්‍රියදර්ශනී විජයනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ වැඩසටහන් මාලාවක් සමඟින් අභිමානවත් ලෙස සමරනු ලැබීය.
සංවත්සර සැමරුම් කටයුතු චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් ආරම්භ වූ අතර, එහිදී අණදෙන නිලධාරිනිය විසින් රෝහල් කාර්ය මණ්ඩලය අමතමින් සංවත්සර දේශනය පවත්වන ලදී.
සංවත්සර සැමරුමට සමගාමීව, ප්‍රජා සත්කාරක වැඩසටහනක් ලෙස 2026 නොවැම්බර් මස 10 වන දින රත්මලාන ඇග්නස් ගුණසේකර අනුස්මරණ වැඩිහිටි නිවාසයේදී විශේෂ වෛද්‍ය සායනයක් පවත්වන ලදී. විශේෂඥ වෛද්‍ය අනුරාධා කුරේ මහත්මිය, විශේෂඥ අක්ෂි වෛද්‍ය ගෲප් කැප්ටන් (වෛද්‍ය) ඒ. ජයසේකර මහතා ඇතුළු රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවති මෙම සායනයේදී වැඩිහිටියන් සඳහා වෛද්‍ය උපදේශන, සෞඛ්‍ය පරීක්ෂණ සහ අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම, ඔවුන්ගේ දෘෂ්ටි අවශ්‍යතා සපුරාලීම සඳහා ඇස් කණ්ණාඩි සහ දෛනික පරිභෝජනය සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ද පරිත්‍යාග කරන ලදී.
මීට අමතරව, වැඩිහිටි නිවාස පරිශ්‍රයේ පිරිසිදුකම සහ සෞඛ්යාරක්ෂිත බව තහවුරු කිරීමේ අරමුණින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ විෂබීජ නාශක දුම් ගැසීමේ වැඩසටහනක් ද රෝහල් කාර්ය මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද අතර අනතුරුව එහි රැඳී සිටින වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ දිවා ආහාර වේලක් ද පිරිනමන ලදී.
සංවත්සර සැමරුම් වැඩසටහන් මාලාවට සමගාමීව නොවැම්බර් මස 11 වන දින රෝහල් කාර්ය මණ්ඩලය අතර සුහද ක්‍රිකට් තරගයක් ද පැවැත්වූ අතර, එමඟින් කාර්ය මණ්ඩලය අතර අන්‍යෝන්‍ය සුහදත්වය, කණ්ඩායම් හැඟීම සහ සහයෝගීතාව වර්ධනය කිරීමට අවස්ථාව සැලසිණි.