"මාස්ටර් බ්ලාස්ටර්" සනත් ජයසූරිය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රිකට් කණ්ඩායමට
ලෝක පූජිත ක‍්‍රීකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය ලබන සඳුදා සිට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රිකට් කණ්ඩායමට ක‍්‍රීඩා කරනු ලබයි. ඔහු අද (දෙසැම්බර් 10) වන දින ගුවන් හමුදා ක‍්‍රිකට් කණ්ඩායම සමග පලමු පුහුණු සැසියට සහභාගී විය.
එහිදී සනත් ජයසූරිය ප‍්‍රකාශ කරනු ලැබුවේ,
”මම ගුවන් හමුදා ක‍්‍රිකට් කණ්ඩායමට ක‍්‍රීඩා කරන්නට අදහස් කලේ, ගුවන් හමුදා ක‍්‍රිකට් කණ්ඩායම ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජ අතර ඉහල ස්ථානයකට ගෙන ඒමත්, මං ලබා තියෙන ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රිකට් අත්දැකීම් කණ්ඩායමේ අනෙකුත් නැගී එන ක‍්‍රීඩකයන් හා බෙදාගෙන ඔවුන්ගේ හැකියාවන් උසස් මට්ටමකට ගෙන ඒම තමයි මගේ අරමුණ, ඒත් එක්කම මාගේ අත්දැකීම් තව තවත් දියුණු කර ගැනීමත්, ඉදිරියේදී ගුවන් හමුදා ක‍්‍රිකට් කණ්ඩායම සමග තරඟ කරන සියළු තරඟ සඳහා මගේ උපරිමයෙන් ක‍්‍රීඩා කොට ඒ සියළු තරඟ ජයග‍්‍රහණය කිරීම තමයි මගේ අරමුණ” බවයි.
සනත් ජයසූරිය ගුවන් හමුදා ක‍්‍රිකට් කණ්ඩායමට ක‍්‍රීඩා කරන පළමු තරඟය ලබන සඳුදා එනම් දෙසැම්බර් 12 වන දින බීආර්සී ක‍්‍රීඩාංගනයේදී ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ට එරෙහිව ක‍්‍රීඩා කරනු ලබයි. එසේම ඔහු සහභාගීවන ප‍්‍රථම තුන්දින තරඟය මේ මස 20 වන දිනදී ආරම්භ ෙවි.