
අංක 37 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය
අංක
36 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ
උපාධි ප්‍රධානෝත්සවයඅංක 36 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි
ප්‍රධානෝත්සවය 2011 දෙසැම්බර් මස 9 දින ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා
පීඨය චීනවරාය කඳවුරේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විදුහල් ශ්‍රවණාගාරයේදි
පැවැත්වීය.
යුධ හමුදා නිළධාරීන් 04 දෙනෙකු, නාවික හමුදාවට අයත් නිළධාරීන් 04 දෙනෙකු සහ ගුවන් හමුදා නිළධාරීන් 23 දෙනකු මෙම පාඨමාලාව සාර්ථකව නිමකරමින් කැළණිය විශ්ව විද්‍යාලය මගින් පිරිනමන පශ්චාත් උපාධි ආරක්ෂක ඩිප්ලෝමා ලබා ගත් අතර මෙම උපාධි ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා සහභාගි විය.
කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව සති 14ක කාලපරාසයක් පුරා නොයෙකුත් අත්‍යාවශ්‍ය ක්‍රියාකාරකම් ඔස්සේ යමින් ඉහල නිළයක් දැරීමේදී ඔවුනට අවශ්‍ය දැනුම, පන්නරය ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වේ. පුද්ගල කලමණාකරිත්වය, ඉංග්‍රීසි දැනුම, පරිඝණක දැනුම, තෝරාගත් ආයතන පිළිබඳ අධ්‍යයන කිරීම්,තෝරාගත් විෂයන් පිළිබඳ ස්වයං ගවේෂණ, දේශණ, ශරීර සෞඛ්‍ය පුහුණුවීම් සහ ක්‍රීඩා ආදී නොයෙකුත් විෂයන් තුලින් කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව සම්පුර්ණ වේ.























































