
අන්තර් ඒකක ජූඩෝ ශූරතාවලිය අනුරාධපුර ගුවන් හමුදා කදවුරට
ගුවන් හමුදා
අන්තර් ඒකක ජුඩෝ ශූරතාවලිය පසුගියදා ගුවන් හමුදා කොළඹ කදවුරු ගිනි නිවීමේ
ඒකකයහිදී තියුනු තරගකාරී ස්වභාවයකින් අනතුරුව සාර්තකව නිමාවට පත්
විය.
මේ අවස්ථාව සදා ප්‍රධාන ආරාධිත අමුත්තා
ලෙස ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනයේ ලේකම් පී ජී චන්ද්‍රසේන මහතා සහභාගී වූ අතර
ගුවන් හමුදා සුභ සාධන අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ඩබ් ඒ සිල්වා, විධායක
ක්‍රීඩා භාර නිලධාරී හ කොළඹ කදවුරු අණදෙනනිලධාරී ගුවන් කොමදෝරු එන් එච් වී
ගුණරත්න, ගුවන් හමුදා අනුරාධපුර කදවුරු අණදෙන නිලධාරී රවී ජයසිංහ ඇතුළු
නිලධාරීන්ද මේ අවස්තාවට එල්
විය.
200 අදික ක්‍රීඩකයින් සංඛ්‍යාවක් විවිධ
බර පන්තීන් යටතේ විවිධ කදවුරු නියෝජනය කරමින් තරග වැදුනු අතර ශුරතාවය
දිනාගත් අනුරාධපුර කදවුර ලකුණු 35 ලබාගත් අතර අනුශූරතාවය දිනාගත් ගුවන්
හමුදා වෘතීය පුහුනු පාසල ඒකල ලකුණු 34 ලබා ගැනීමටසමත්
විය.






























































































