59 වන ගුවන් හමුදා සංවත්සරය වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරම්භ කර මාර්තු මස දෙවන දිනට වර්ෂ 59ක් පිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා පිහිටි ගුවන් හමුදා කදවුරු මෙම දිනය අභිමානවත්ව සැමරීමට සියළු කටයුතු සූදානම් කර ඇත.
කොලඹ ගුවන් හමුදා කදවුරු ප්‍රදේශයේ සමාජ සුභසාධන සේවා කටයුතු රැසක් ඉටුකරමින් 59 වන ගුවන් හමුදා සැමරුම් දිනය අර්ථවත්ව සැමරීමට කටයුතු යොදමින් පෙබරවාරි මස 24 සහ 25 දින කොළඹ ජාතික රෝහලේ 41 වාට්ටුව ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී.

25 වන දින දෙමටගොඩ ධර්මරාජ විහාරස්ථානයේ,ඒ අවට ප්‍රදේශවාසින් වෙනුවෙන් නොමිලේ දන්ත සායනයක් පවත්වන ලදී. විහාරස්ථානය අවට වෙසෙන ප්‍රදේශවාසීන් රැසක් මේ සදහා සහභාගි විය.

26 වන දින ගුවන් හමුදා රෝහලේ ප්‍රධානත්වයෙන් සේවා පුද්ගලයින්ගේ හා ගුවන් හමුදා සිවිල් පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් ලේ දන්දීමේ ව්‍යාපාරයක් සිදු කරන ලදී.මෙහිදී ලේ පයින්ට් 100කට අධික ප්‍රමාණයක් මධ්‍යම ලේ බැංකුව වෙත පරිත්‍යාග කිරීමට ඔවුන්ට හැකි විය.