ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ ගුවන් හමුදාව සුපිරි හයේ ඉදිරියටම
ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ අද (26) පැවති සුපිරි හය වටයේ ගුවන් හමුදාව සහභාගිවූ තවත් තරගයකදී ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම තරග වට 3-1 ලෙස පරාජය කිරීමට සමත් විය .

සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේදී යුධ හමුදා කණ්ඩායම පලමු වටයේ තරගය (17-25) ලෙස ජය ගනිමින් ඉදිරියට ඒමට උත්සහ කලද,ගුවන් හමුදා ක්‍රීඩකයින්ගේ විශිෂ්ඨ ක්‍රීඩා විලාශය හමුවේ තරග වට (25-22),(28-26),(25-23) ක් වශයෙන් යුධ හමුදා කණ්ඩායම පරාජය කරන ලදී.

මේ වන විට ගුවන් හමුදා කණ්ඩායම සුපිරි හය වටයේ තරග පහෙන් පැවති තරග තුනම ජයගෙන තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත්වී තිබේ.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි