25 වන මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව සාර්ථකව විසිර යයි
ශ්‍රී ලංකා පැරෂුට් පුහුණු පාසලේ තවත් එක් සුවිශේෂී කඩ ඉමක් සනිටුහන් කරමින් එහි 25 වන මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරූ පැරෂුට් භටයින් 21 දෙනෙකුගේ විසිර යාමේ උත්සවය 2012 අප්‍රේල් මස 07 වන දින අම්පාර ගුවන් හමුදා කදවුරේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.
මෙම පැරෂුට් භටයින් අතර ගුවන් හමුදාවේ නිළධාරියෙක් ඇතුළුව ගුවන් භටයින් 14 දෙනෙකුද, යුධ හමුදා විශේෂ කාර්ය බලකායේ සෙබළුන් 04 හා නාවික හමුදාවේ නැවියන් 02 නෙකුද සාර්ථකව විසිර යන ලදී.
මෙම විසිර යාමේ උළෙල විචිත්‍රවත් කරමින් සංදර්ශනාත්මකව ගුවන් හමුදා "ස්කයි ඩයිවර්ස්" විශේෂ පැරෂුට් කණ්ඩායම අඩි 6000ක ඉහල අහසේ සිට නිදහසේ පහලට වැටෙමින් ඉදිරිපත් කල සුවිශේෂි පැරෂුට් පිමි සහ ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායමේ ඉදිරිපත් කිරීම කාගේත් නෙත් සිත් පැහැර ගන්නා ලදී.