ගුවන් හමුදා සූප වේදීන්ගේ දක්ෂතා ඔප්නංවයි
11:42am on Tuesday 10th April 2012
ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම විසින් ගුවන් හමුදා සූප වේදීන් සදහා පැවැත්වූ අංක 06 ගුවන් හා ගෘහස්ථ සූපවේදී පුහුණු පාඨමාලාව සාර්තකව පසුගියදා නිමාවට පත් විය.

මෙම පාඨමාලාව 2012 මාර්තු මස 05 දින සිට අප්‍රේල් මස 02 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර මෙහෙයවීමෙන් සහ ගුවන් හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරනය මත පවත්වන ලදී. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක ආහාර පාලන නිලධාරී සරත් ප්‍රනාන්දු මහතා හා ගුවන් තොටුපොල ගුවන් හමුදා කදවුරු අණදෙන නිලධාරී ඩබ් ඩබ් පී ඩී ප්‍රනාන්දු මෙම සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි විය.

සෞක්‍යදායීව සහ පෝෂ්‍යදායී ලෙස විවිධ වර්ගයේ ආහාරපාන ක්‍රමවත්ව පිලියෙල කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවා ආහාර පිළියෙල කිරීමේ නිෂ්පාදන කළමනාකරු පාන්ඩේ මහතා හා එහි ප්‍රධාන සූපවේදී ඇන්තෝනි මහතා ගුවන් හමුදා සේවා පුද්ගලයින් මෙහෙයවන ලදී.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි