ගුවන් හමුදාපතිතුමන් අනුරාධපුර කඳවුරේ වාර්ෂික පරීක්ෂනය සිදුකරයි
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්ෂණය පසුගියදා (2012 ජූලී මස 02) සිදු කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් ශිහාන් ප්‍රනාන්දු ගුවන් හමුදාපතිතුමන් කදවුරු පරිශ්‍රයට පිළිගන්නා ලදි. මෙහිදි ගුවන් හමුදාපතිතුමාට ආචාර මුර පෙළපාලියක්ද පැවැත් වූ අතර විංග් කමාණ්ඩර් බී. පී. ලියනගේ, විංග් කමාණ්ඩර් එම්. ඒ. එස්. කේ. මහිපාල සහ බළඝණ නායක එස්.ඩී.පී.එම්.කේ සියඹලාපිටිය පිළිවෙලින් බලපංති තුනෙහි අණදෙන්නන් ලෙස කටයුතු කරන ලදී.

වාර්ෂික පරීක්ශනය අතර තුර අනුරධපුර කදවුර ආවරනය වන පරිදි පරිෂාවේ නියුතු වුන අතර ගොල්ෆ් ක්‍රීඩාංගනයේද සංචාරයක නිරත වෙමින් එහි වඩි දියුනු කටයුතු සදහා උපදෙස් ලබා දෙන ලදී.

අනතුරුව ගුවන්භට භෝජනාගාරයේදී සියලුම නිලයන් සමග දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව කඳවුරේ සියලූම නිළධාරීන්, සෙසු නිළයන් අමතා විශේෂ කථාවක් ද පැවැත්වින.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි