දිවි පිදු ගුවන් හමුදා රණවිරුවන් සමරමින්
දශක තුනකට ආසන්න කාලයක් පුරාවට මාතෲ භූමිය වෙලාගත් කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමට තම දිවි පිදු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි 'රණවිරු ස්මාරකය' වෙත පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් අද දින (ජූලි මස 03) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානීන්, නිළධාරීන්, සෙසු නිළධාරීන් ද රැසක් සහභාගී වූහ.මිය ගිය රණවිරුවන්ගේ  ඥාතීන් හා දූ දරුවන් මේ අවස්ථවට එක්වූ අතර, අනතුරුව සියළුම රණවිරුවන් වෙනුවෙන් ගුවන් හමුදාවේ උපහාරය දක්වමින් උත්සවය නිමා කරන ලදී.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි