සුනක පාලක මූලික පුහුණු පාඨමාලාව සාර්තකව නිමාවේ
සුනක පාලක මූලික පුහුණු පාඨමාලාව සාර්ථක නිමකල ගුවන් භටයින් පසුගියදා (04 ජූලී)ගුවන් හමුදා ඒකල පුහුණු පාසලෙන් විසිර ගියහ.විසිර යාමේ උත්සවය සදහා කදවුරු අණදෙන නිලධරී ගෲප් කැප්ටන් එල් ඩී ගුණවර්ධන හා නිලධාරි අණදෙන පුහුණු විංග් කමාන්ඩර් සී ජේ හෙට්ටිආරච්චි සහභාගි විය.

ගුවන් භටයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම සුනක පාලක පාඨමාලාව පසුගිය මාර්තු මස 21 වන දින ආරම්භ කර ජූලි මස 04 දින දක්වා පැවැත් වින. මේ පාඨමාලාව සදහා සිද්ධාන්ත හා ක්‍රියාකාරකම් වලින් සමන්විත විය.මෙම අවස්ථාව සදහා විංග් කමාණ්ඩර් පී ඊ ගුනවර්ධන ප්‍රධන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි