මිලේනියම් ඉන්ෆොර්මේෂන් තාක්ෂන ආයතනයේ ගිණි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ පුහුණු වැඩසටහන සාර්ථකව නිමකෙරේ
මිලේනියම් ඉන්ෆොර්මේෂන් තාක්ෂන ආයතන ගොඩනැගිල්ලේදී ගිණි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ පුහුණු වැඩසටහනක් ගුවන් හමුදා ගිණි නිවාරන ඒකකය විසින් අද (19) සාර්ථකව නිම කරන ලදී.
ගුවන් හමුදා ගිණි නිවාරන ඒකකයේ වැඩබලන ජේෂ්ඨ නිලධාරී විංග්කමණ්ඩර් ජේ ඒ ආර් එන් ජයසිංහ හා අංශභාර නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් සී.පී.හෙට්ටිආරච්චි ගේ නායකත්වයෙන් හා අධීක්ෂනයෙන් යුත් ගිණි නිවාරන හා මුදවා ගැනීමේ භටයින් 48 න් සමන්විත කණ්ඩායමක් විසින් මෙම පුහුණු වැඩසටහන දියත් කරන ලදී.
ඉතා ඉවසීමෙන් හා පුහුණුවෙන් ලද පන්ණරය උපයෝගි කරගනිමින් තැනට සුදුසු නුවණ යොදා ගනිමින් හදිසි ගින්නකට මුහුන දෙන ආකාරය පිළිබද මෙහෙය වූ අති සාර්ථක තෙවන පුහුණු වැඩසටහන මෙය වීම විශේශත්වයකි.
මෙම පුහුණු වැඩසටහනේදී මිලේනියම් ඉන්ෆොර්මේෂන් තාක්ෂන ආයතන ගොඩනැගිලි පරිස්‍රයේ සිටින පිරිසගේ ජීවිත අවස්ථානුකූලව බේරා ගැනීමට කටයුතු කල අතර අධික තෙරපුමකින් යුත් වතුර විදින භට යොදා ගනිමින් ගිණි නිවීමේ කටයුතු සිදුකල අතර , කබ හා ගිණි නිවීමේ විශේෂ රථ උපයෝගී කරගෙන එහි ඇති ඉනිමං ආධාරයෙන් ඉහල මාල වල සිටින පිරිස පහලට ගෙන ඒමත්, පහල මාලවල සිරවී සිටින පුද්ගලයින් භූමියෙහි ස්ථාන ගත කර තිබූ පුරවන ලද වේදිකාවක් මතට පැන තම ජීවිත බේරා ගන්නා ආකාරය පිළිබද දැනුවත් කරන ලදී.ඉන් අනතුරුව ප්‍රථමාධාර සපයන අකාරයන් පිළිබදවද පුළුල් ලෙස දැනුවත් කරන ලදී.