අංක 149 පරිඝනක තාක්ෂන ශිල්පී මූලික පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වෙයි
අංක 149 පරිඝනක තාක්ෂන ශිල්පී මූලික පුහුණු පාඨමාලාව හා අවිකරු වෘතියේ සිට පරිඝනක තාක්ෂන ශිල්පී වෘතීයට එක්වූ වෘතීයට එක්වූ ගුවන් භටයින්ගේ පාඨමාලාව පසුගියදා (සැප්තැම්බර් මස 25)ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් ශ්‍රවණාගාරයේදී සාර්ථකව නිමාවට පත්විය.මෙම අවස්ථාව සඳහා එහි අණදෙන නිළධාරී,ගෲප් කැප්ටන් පී රණසිංහ සහභාගී වූ අතර ප්‍රධාන ආරාධිතයා ලෙසින්,විධායක තොරතූ තාක්ෂන නිලධාරී ගෲප් කැප්ටන් ඒ එස් විතාන සහභාගී විය.

මෙම ගුවන් පරිඝනක තාක්ෂන ශිල්පී මූලික පුහුණු පාඨමාලව 2012 අප්‍රේල් මස 2 වන දින ආරම්භ වූ අතර 2012 සැප්තැම්බර් මස 25 වන දින අවසන් විය. මාස 06 කට ආසන්න කාලසීමාවක් පුරා සාර්ථක පාඨමාලා කාලයකින් අනතුරුව සිද්ධාන්ත සහ ප්‍රායෝගික දැනුමින් පරිපූර්ණ වූ ගුවන් භටයින් 20 දෙනෙකු මෙලෙස සාර්ථකව පාඨමාලාව නිම කර විසිර යන ලදී.

42545 ගුවන් භට රත්නායක ආර් එම් ඩී පී මෙම පාඨමාලාවේ අතිෂයින් දක්ෂතම ගුවන් භටයා ලෙසින් සහතික පත් සහ පළිහ ලබා ගන්නා ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි