ගුවන් හමුදා නිළ වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ රිදී සම්මානය දිනාගනී
12:09pm on Thursday 18th October 2012
2012 වසරේ පවත්වනු ලැබූ 'බෙස්ට් වෙබ් 2012' තරඟයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා නිළ වෙබ් අඩවිය වන, www.airforce.lk රාජ්‍ය අංශයෙන් 'රිදී' සම්මානය දිනා ගැනීම සමත්වන ලදි.පසුගියදා අන්තර්ජාතික බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයකදී මෙම සම්මානය ගුවන් හමුදා නිළ වෙබ් අඩවියවෙත පිරිණමන ලදි.රාජ්‍ය අංශයෙන් හොඳම වෙබ් අඩවි තුන අතරට පැමිණි එකම වෙබ් අඩවිය ගුවන් හමුදා වෙබ් අඩවිය වන අතර 'රන්' සහ 'ලෝකඩ' සම්මාන දිනා ගැනීමට කිසිදු රාජ්‍ය වෙබ් අඩවියක් සමත් නොවීම විශේෂත්වයකි.මෙම තරගාවලිය ‘LK Domain Registry’ විසින් සංවිධානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි