මඩකලපුව 'වලයාරවු' දමිල පාසලට නව පන්ති කාමරයක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, නීලිකා අබේවික්‍රම මැතිනියගේ සුරතින් පසුගියදා මඩකලපුව 'වලයාරවු' දමිල පාසලට නව පංති කාමරයක් ඉදිකිරීම සඳහා මුල් ගල තබන ලදි. අනතුරුව එම පාසලෙහි දරු දැරියන් විසි එක්දෙනෙකු වෙනුවෙන්  පාසල් උපකරණ, පාසල් සපත්තු තෑගි පාර්සල් ඇතුළු තෑගි පාර්සල් බෙදාදෙන ලදි.

මේ සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන නීලිකා අබේවික්‍රම මැතිනියගේ දායකත්වය මෙන්ම ගුවන් හමුදා විධායක සුභසාධන ව්‍යාපෘති නිළධාරී,එයාර් කොමඩෝර් ලියොනාර්ඩ් රොද්‍රිගෝ සහ මඩකලපුව ගුවන් හමුදා කඳවුරු අණ දෙන නිළධාරී,වින්ග් කමාන්ඩර් අජිත් වැවේගම යන අයගේ සහයෝගයද නිබඳව ලැබෙන ලදි. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින්, මඩකලපුව ගුවන් හමුදා කඳවුරෙහි නිළධාරීන් සහ දරු දැරියන්ගේ දෙමාපියන් සහභාගී වන ලදි.අනතුරුව සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් විසින් ලාදුරු රෝහලෙහි සංචාරයක නිරතවුනු අතර එම රෝගීන්ගේ සුව දුක් සොයා බලා ඔවුන් වෙත ත්‍යාග ප්‍රධානය කරන ලදි.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි