ගුවන් හමුදා මඩකලපුව කදවුරේ ආගමික වතාවත්
මඩකලපුව මංගලාරාම විහාරයේ පැවති කඨින පිංකම සදහා ගුවන් හමුදා මඩකලපුව කදවුරේ දායකත්වය නොවැම්බර් මස 03 හා 04 දිනයන්හිදී පැවැත්වින.මෙම ආගමික වතාවත් අවස පූජාවත් සමග ආරම්භ වූ අතර සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් හා උදැසන දානමය පුන්‍ය කර්මයක් ද ගුවන් හමුදා මඩකලපුව කදවුරු සේවා පුද්ගලයින්ගේ දායකත්වයෙන් පැවැත්වින. අනතුරුව කඨින චීවර පූජාව හා පිරිකර පූජාව සිදු කරන ලදී.

මඩකලපුව මංගලාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරත්න ස්වාමින්වහන්සේගේ ආරාධනයට අනුව දිවයිනේ විවිද පලාත් නියෝජනය කරමින් සැදැහැවතුන් විශාල පිරිසක් එක් විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි