විජය නව සාමාජික හොකී පිරිමි ශුරතාවය ගුවන් හමුදාවට
19 වන වරටත් පවත්වනු ලැබු විජය නව සාමාජික හොකී ශුරතාවයලිය 2012 නොවැම්බර් මස 24-25 දිනයන්හි මාතලේ නන්දිමිත්‍ර ඒකකනායක ජාත්‍යන්තර හෝකි තණතිල්ලේ දී පැවැත්වින. මෙම තරගාවලිය සදහා කාණ්ඩ 04 යටතේ කණ්ඩායම් 16 තරග වැදුනු අතර යුධ හමුදා කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලැබීය. තියුණු තරගයකින් අනතුරුව ගෝල් 2-1 ලබා ගනිමින් ගුවන් හමුදා කණ්ඩායම තරගාවලියේ පිරිමි අංශයේ ශුරතාවය දිනා ගැනීමට සමත් විය.





