ගුවන් හමුදා කබඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික කබඩි ශූරතාවලිය දිනාගනී
පසුගියදා (05 මාර්තු 2010) වැලිවේරිය පොලිස් ක්‍රීඩාංගනයේ පැවති ජාතික කබඩි ශූරතා තරගාවලියේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කබඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වූහ.
මෙසේ ජය හිමිකරගත්තේ අවසන් පූර්ව තරගවලදී නාවික හමුදා පිරිමි හා නාවික හමුදා කාන්තා කබඩි කණ්ඩායම් වලට දැඩිසේ අභියෝගයක් එල්ල කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමෙන් අනතුරුවය.
අවසන් මහා තරගය සදහා ගුවන් හමුදාව හා තරග වැදීමට පැමිණි යුද හමුදා පිරිමි කබඩි කණ්ඩායම 18/8 ක් ලෙස පරජයට පත්කලහ. මේ අතර ප්‍රබල යුද හමුදා කාන්තා කබඩි කණ්ඩායම හා තරග වැදුනු ගුවන් හමුදා කාන්තා කබඩි කන්ඩායම 8/6 ලෙස තීරනාත්මක තරගයකින් අනතුරුව කාන්තා ශූරතාවය හිමිකර ගත්හ.
මේ අනුව පිරිමි හා කාන්තා යන අංශ දෙකේම ශූරතාවය දිනාගනිමින් තම අණසක කබඩි පිටිය පුරාවට පැතිරවීමට ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.