ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම දිවයිනේ ඉදිරියෙන් සිටීමට සමත්වේ
ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම ශ්‍රී ලංකා යූත් රුපවාහිනී වොලිබෝල් ශුරතාවලියේදී මාස් කැෂුලයින් කණ්ඩායම පරාජය කර ලබාගත් ජයග්‍රහනයත් සමග මෙම වසරේ කැපී පෙනෙන හා වොලිබෝල් කණ්ඩායම් අතර ඉදිරියෙන් සිටීමට ගුවන් හමුදා ක්‍රීඩකාවන් සමත් විය.

මෙම වසරේ අග භාගයේදී ජාතික වොලිබෝල් ශුරතාවලිය 2012 තරගාවලියේදී විදේෂ සේවා නියුක්ති කාර්යන්ශ කණ්ඩායම පරාජයට පත් කල අතර "ඒ" කාණ්ඩයේ ජාතික වොලිබෝල් ශුරතාවලිය ද, ආරක්ෂක සේවා වොලිබෝල් ශුරතාවය, වෙරළ වොලිබෝල් ශුරතාවයන් දෙකම දිනා ගැනීමට සමත්කම් දැක්වීය.

ජාතික කණ්ඩායම නියෝජනය ක්‍රීඩිකවන් ගුවන් හමුදා කණ්ඩායම සතුවන අතර,ජාතික කණ්ඩායමේ නායිකා ගුවන් කාන්තා දිනේශා ප්‍රසාදිනි ගුවන් හමුදා කණ්ඩායම ද මෙහෙයවනු ලබයි.ජාතික කණ්ඩායමේ හිටපු නායක හා ජාතික කණ්ඩායමේ පුහුණු උපදේශක සැරයන් නලින් සම්පත් අබේසිංහ ගුවන් හමුදා කන්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබයි.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි