අංක 03 රේඩාර් බලගණය සිය සයවන අභිමානවත් සංවත්සරය සමරයි
ගුවන් හමුදා වීරවිල කදවුරේ පිහිටි අංක 03 රේඩාර් බලගනය 2013 පෙබරවාරී මස 01 වන දින සිය සයවන සංවත්සරය සමරන ලදී.

රේඩාර් බලගණයේ අණදෙන නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් ඩී.එන්.එස් හලහකෝන් ප්‍රධානත්වයෙන් සංවත්සරය සැමරීම සදහා සෞඛ්‍ය සායනයක් පැවති අතර දෙබරවැව මැදවලාන ජාතික පාසලේ දරුවන් උදෙසා දන්ත සායායක් ද මෙහිදී පවත්වන ලදි. මෙම අවස්ථාව සදහා වීරවිල කදවුරු අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්.ඩී.ජේ වාසගේ ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

සංවත්සර දින වැඩ පෙලපාලිය 2013 පෙබරවාරි මස 01 දින බලගණ අනදෙන නිලධාරී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, අනතුරුව සියළුම නිලයන් උදෙසා උදැසන අහාර වෙලක් සන්විධානය කර තිබුනහ.තවද සෙසු නිලයන් සදහා ක්‍රිකට් තරගාවලියක් ද සංවිධානය කර තිබුනහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි