පලාලි කඳවුරේ ඉදි කෙරුණු නව මගී පර්යන්තය ජනාධිපතිතුමන්ගේ නිරීක්‍ෂණයට
පලාලි කඳවුරේ ඉදි කරනු ලැබූ නව මගී පර්යන්තය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් 2013 පෙබරවාරි මස 11 වන දින නිරීක්‍ෂණය කරන ලදී.

ජනාධිපතිතුමන් උතුරු අර්ධද්වීපයේ සංචාරයක නිරත වන අතරතුර මෙම නිරීක්‍ෂණ චාරිකාව සිදු කරන ලදී. මෙම මගී පර්යන්තය මගීන් සඳහා අවශ්‍ය මූලික පහසුකම් සියල්ලකගෙන්ම සමන්විත වෙයි.

මෙම අවස්ථාවට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම, පලාලි කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඒ.ජේ. අමරසිංහ ඇතුළු ගුවන් හමුදා නිළධාරීහු සහ ගුවන් භටයින් රැසක් සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි