41 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව විසිර යයි..
4:21pm on Monday 15th March 2010
පුරා මාස තුනක් මුළුල්ලේ ත්‍රිකුණාමලය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පැවති අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව හැදෑරූ අධිකාරී නොලත් නිළධාරීන් 59 දෙනෙකු පසුගිය මාර්තු මස 12 වනදා විසිර ගියහ.

රජරට විශ්ව විද්‍යාලය විසින් බලයලත් මෙම පාඨමාලාව හැදෑරූ 59 දෙනා අතර ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 29 දෙනෙකුද කණිෂ්ඨ අධිකාරී නොඅලත් නිළධාරීන් 28 දෙනෙකුද, නාවික හමුදා සුලු නිළධාරීන් 02 කුද වූහ.

 ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසලේ ශ්‍රවණාගාරයේදී පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂක ගුවන්  කොමදෝරු බී.එල්.ඩබ්. බාලසූරිය මහතා සහභාගි විය.

 ත්‍රිකුණාමලය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අණදෙණ නිළධාරී එයාර් වයිස් මාර්ෂල් කේ.වී.බී. ජයම්පති මහතාද, කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේ අණදෙණ නිළධාරී ගෲප්  කපිතාන් ජේ.එස්.අයි. විජේමාන්න, අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසලේ අණදෙණ නිළධාරී වින්ග් කමාන්ඩර් ටී.වී.ඩී. දේශප්‍රිය, 23 වන රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙණ නිළධාරී වින්ග් කමාන්ඩර් සී.ජේ. බටගොඩ, අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් අරනායක සහ අංක 03 රේඩාර් බලඝණයේ අණදෙන නිළධාරී  බලඝණ නායක ටී.බී. ප්‍රේමරත්න යන නිළධාරීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසලේ අණදෙන නිළධාරී වශයෙන් විංග් කමාන්ඩර් ටී.වී.ඩී. දේශප්‍රිය මහතා කටයුතු කල අතර මෙම පාඨමාලාවේ ප්‍රධාන උපදේශක, ජ්‍යේෂ්ඨ උපදේශක හා මෙහෙයුම් මාණ්ඩලික යන තනතුරු පිළිවෙලින් බලඝණ නායක වී.ටී.එස්.සිරිමාන්න, බලඝණ නායක ඒ.එම්.පී.පී. ජයවර්ධන සහ බලඝණ නායක පී.එස්. ජයවික්‍රම යන නිළධාරීහු විසින් හොබවන ලදී.

 අංක 41 අධිකාරී නොලත් නිලධාරීන්ගේ පාඨමාලාවේ සම්මාන ලාභීන්.......

ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන්

 සෑම අතින්ම දක්ෂ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන්

පළමු ස්ථාන
     -    සුළු නිළධාරී      මනරම් කේ.එච්.එන්                       - විදුලි කාර්මික ශිල්පී
දෙවන ස්ථානය   -   බලලත් නිළධාරී  අයි.එම්.එස්.එච්. ඉද්දමල්ගොඩ -  ගුවන්යාන සැකිලි ශිල්පී
තුන්වන ස්ථානය  -  බලපන්ති සැරයන් ජේ.ඩබ්.යූ. රුවන්                   - ලිපිකරු පොදු රාජකාරී
දක්ෂතම කථිකයා  - බලපන්ති සැරයන් ජේ.ඩබ්.යූ. රුවන්                   - ලිපිකරු පොදු රාජකාරී
ශාරීරික යෝග්‍යතාව අතින් දක්ෂතමයා  - සැරයන් වීරතුංග එම්.එස්.කේ.  - ශාරීරික අභ්‍යාස උපදේශක

කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන්


 සෑම අතින්ම දක්ෂ කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන්

 පළමු ස්ථානය     - සැරයන්    නන්දන පී.බී.වයි*                         - ගුවන් යානා ඉංජිනේරු ශිල්පී
දෙවන ස්ථානය    - සැරයන්    ඉලන්ගරත්න අයි.පී.එස්.ජී*         -  ගුවන් යානා ඉංජිනේරු ශිල්පී
තුන්වන ස්ථානය  - සැරයන්     පුෂ්පකුමාර ඒ.එම්.එල්.ජේ.ඩබ්*
දක්ෂතම කථිකයා - කෝප්‍රල්    විජේරත්න පී.ඩී.                      - මෙහෙයුම් භූමි
ශාරීරික යෝග්‍යතාව අතින් දක්ෂතමයා     -    කෝප්‍රල්   චමිත් යාපා වයි.එම්.සී.අයි.-   ගිනි නිවීම් ශිල්පී

* - මෑතකදී උසස් වූ


41 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව විසිර යයි41 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව විසිර යයි41 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව විසිර යයි41 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව විසිර යයි41 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව විසිර යයි41 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව විසිර යයි41 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව විසිර යයි41 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව විසිර යයි41 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව විසිර යයි41 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව විසිර යයි41 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව විසිර යයි41 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව විසිර යයි41 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව විසිර යයි41 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව විසිර යයි

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි