කොළඹ කදවුරු සේවා වනිතා ඒකකය ලෝක කාන්තා දිනය සමරයි
ලෝක කාන්තා දිනය සැමරීමට සමගාමීව වැඩමුළුවක් ගුවන් හමුදා කොළඹ කදවුරු සේවා වනිතා ඒකක්යේ සභාපතිනි වසන්තා ප්‍රනාන්දු මැතිණියගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා කොළඹ කදවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී.මෙම වැඩමුළුව කදවුරු සේවා පුදගලයින් සදහාම වෙන්වූ අතර ප්‍රියන්ගනී වැලිකල මහත්මිය රූපලාවන්‍ය හා මනමාලියන් හැඩගැන්වීම පිළිබදව ඉදිර්පත් කිරීමක් ද සිදුකරන ලදී.

තවද මෙහිදී එයාර් කොමඩෝර් පී.ඩී.ඒ මාරිස්ටෙලා විසින් සෞඛ්‍ය හා සනීපාරාක්ෂාව ඉළිබදව මනා දේශනයක්ද ඉදිරිපත් කරන ලදී.මෙම වැඩමුළුව අවසානෑඅ බළලත් නිලධාරී එන් මනම්පේරී විසින් මෙහෙයවන ලද ඉවුම් පිහුම් ක්‍රමවේද පිළිබදව නිරුපනයක්ද අවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි