
ලෝක කාන්තා දිනයට සමගාමීව ආභාදිත පුද්ගලයින් සදහා දිවා ආහාර වේලක්
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිණියගේ උපදෙස් පරිදි ලෝක කාන්තා දිනය සැමරීමට සමගාමීව විවිධ අභාදිත පුද්ගලයින් 200 වෙනුවෙන් දිවා ආහාර හා ත්‍යාග බෙදා දීමේ වැඩසටහනක් ගුවන් හමුද ඒකල කදවුරු සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලදී.මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා ඒකල කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් පී. රණසිංහ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන ලදී.


















