එයාර් මාර්ෂල් කපිල ජයම්පති
Director Air Operations

එයාර් මාර්ෂල් කපිල ජයම්පති
WWV, RWP, RSP and three Bars, VSV, USP, MSc (Int Rel), MMSc (Strat Stu-China), MIM (SL), fndu (China), qhi

කපිල වීදිය බණ්ඩාර ජයම්පති (කපිල ජයම්පති) 1982 වසරේ මාර්තු මස 05 වන දින අංක 10 කැඩෙට් නිලධාරී පාඨමාලාවේ පොදු රාජකාරී ශාඛාවේ කැඩෙට් නිළධාරියෙකු වශයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට එක් විය. 1982 වසරේ ජූලි මස 28 වන දින මූලික ගුවන් නියමු පුහුණු පාඨමාලාව හැදෑරීම සඳහා, චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ගුවන් නියමු පුහුණු පක්‍ෂාංගය වෙත යාමට ප‍්‍රථම දියතලාව ගුවන් හමුදා කඳවුරේ මූලික ගොඩබිම් සටන් පුහුණු පාඨමාලාව හදාරන ලදී. ගුවන් නියමු මූලික පුහුණුව හැදෑරීමෙන් අනතුරුව 1984 වසරේදී කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 04 හෙලිකොප්ටර් බලඝණයේදී හෙලිකොප්ටර් නියමු උසස් පුහුණු පාඨමාලාව හැදෑරීම සිදු කරන ලදී. හෙලිකොප්ටර් නියමු උසස් පුහුණු පාඨමාලාව හැදෑරීමෙන් අනතුරුව ඔහු, 1985 වසරේ අපේ‍්‍රල් මස 01 වන දින නියමු පොදු රාජකාරී ශාඛාවේ පයිලට් ඔෆිසර් නිළයේ අධිකාරීත්වයට පත්වන ලදී.

1985 වසරේ සිට 1990 වසර දක්වා ඔහු, කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 04 හෙලිකොප්ටර් බලඝණයේ සේවයේ නියුක්ත වූ අතර, එහිදී ඔහු, හෙලිකොප්ටර් නියමු යාන්ත‍්‍රනයේ විශේෂඥයෙකු බවට පත්වන අතර සුදුසුකම් ලත් විශේෂිත ඒ-2 උපදේශක ශ්‍රේණියේ හෙලිකොප්ටර් නියමු උපදේශකයෙකු බවටද පත්විය. ඔහු, ගුවන් හමුදාවේ පයිලට් ඔෆිසර් නිළයේ ලාබාලතම සුදුසුකම් ලත් හෙලිකොප්ටර් නියමු උපදේශක ලෙස පත්වූ අතර ඔහු, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට නව හෙලිකොප්ටර් නියමුවන් පුහුණු කිරීමේ වගකීම භාරගන්නා ලදී. අංක 04 හෙලිකොප්ටර් බළඝණයේ සේවය කරන කාලසීමාව තුළදී ඔහු ඉතා ක‍්‍රියාශීලී උද්යෝගීමත් තරුණ නියමු උපදේශකයෙකු ලෙස පුහුණු අංශ සම්බන්ධව කටයුතු කරන ලද අතර, බලඝණයේ නිළධාරී අණදෙන පුහුණු ලෙස කටයුතු කරන අවධිය තුළ උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හි පාබල සේනාංකයන් සඳහා ගුවන් සහය ලබාදීම සඳහා ක‍්‍රියාකාරීව දායකත්වය සපයන ලදී. අංක 04 බලඝණයේ සේවයේ නියතුව සිටි 1986 වසරේදී ෆ්ලයින් ඔෆිසර් නිළය දක්වා උසස් වීම් ලැබු අතර 1989 වසරේදී ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් නිළය දක්වා උසස්වීම් ලබන ලදී. ඔහු, 1990 වසරේදී නියමු රාජකාරීන් වලින් නිදහස්ව ගුවන් හමුදා මූලස්ථානයේ, ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂකතුමන්ගේ මාණ්ඩලික නිලධාරී 11 තනතුරේ වැඩ භාරගන්නා ලදී. 1991 වසරේදී ඔහු නැවතත් අංක 04 හෙලිකොප්ටර් බලඝණය වෙත ස්ථාන මාරු වන අතර එහිදී ඔහු පුහුණු කටයුතු භාරව කටයුතු කරන ලදී. විශේෂිත පුද්ගලයන් ප‍්‍රවාහනය කිරීමේ ශ්‍රේණිය ලබාගැනීමෙන් අනතුරුව, බලඝණය මගින් සිදු කරනු ලබන විශේෂිත සහ ප‍්‍රභූ ප‍්‍රවාහනය කිරීමේ කටයුතු වලදී ක‍්‍රියාකාරීව තම දායකත්වය දක්වන ලදී.

ඔහු 1993 වසරේදී ස්කොඞ්රන් ලීඩර් නිළයට උසස්වීම් ලැබු අතර 1994 වසරේ සැප්තැම්බර් මස 17 වන දින හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පිහිටා ඇති අංක 07 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිළධාරීවරයා වශයෙන් පත්වන ලදී. ඔහු ප‍්‍රධාන පුහුණු උපදේශක වශයෙන් කටයුතු කරමින් අළුතින් ඉදිකරන ලද ස්ථානයක හෙලිකොප්ටර් සඳහා අනුගත වීමේ මූලික සහ උසස් පුහුණුව මෙහෙයවීම සඳහා තම උපරිම දායකත්වය ලබාදෙන ලදී. මෙම බලඝණය ඇමරිකාවේ නිශ්පාදිත බෙල් 212 සහ ජෙට්රේන්ජර් වර්ගයේ හෙලිකොප්ටර් යානා වලින් සමන්විත විය. ඔහු 1996 වසරේදී විංග් කමාන්ඩර් නිළයට උසස් වීම් ලැබීමෙන් අනතුරුව ගුවන් හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂක තුමන්ගේ මෙහෙයුම් නිලධාරී 1 තනතුරේ වැඩ භාරගන්නා ලදී. එහිදී ඔහු, ගුවන් හමුදාව ව්සින් සිදුකරන සියන්‍දාම ගුවන් ගමන් සම්බන්ධව වගකිවයුතු නිළධාරියෙකු ලෙස කටයුතු කරන ලදී. ඔහු, නැවතත් පියාසර රාජකාරීන් සඳහා යොමු වෙමින් වව්නියාව ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත, රුසියාවේ නිශ්පාදිත එම් අයි 17 බර ප‍්‍රවාහන හෙලිකොප්ටර් යානා ඇතුළත් වූ අංක 06 බළඝණයේ අණදෙන නිළධාරීවරයා වශයෙන් 2000 වසරේ ජූනි මස 19 වන දින වැඩ භාරගන්නා ලදී. එහිදී ඔහු විසින් බලඝණයේදී තම ප‍්‍රධාන රාජකාරිය වූ ප‍්‍රධාන උපදේශක තනතුරේ රාජකාරීන්ට වඩා වැඩි දායකත්වයක් පියාසර මෙහෙයුම් සඳහා ලබා දී ඇත. මෙම කාලවකවානුව තුළදීම ඔහු ඊළඟ ඉහල නිළය වූ ගෲප් කැප්ටන් නිළය දක්වා උසස් වීම් ලබා ගන්නා ලදී.

2002 වසරේ ජූලි මස 01 වන දින සිට හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී වශයෙන් වැඩ භාරගන්නා ලදී. ඒ අනුව ඔහුගේ අණ යටතේ ගුවන් හමුදාවේ ප‍්‍රධාන හෙලිකොප්ටර් බළඝණ දෙකක් කි‍්‍රයාත්මක විය. කඳවුරු අණදෙන නිළධාරීවරයා වශයෙන් කාර්යබහුල වුවත් ඔහු පියාසර පුහුණු කටයුතු සඳහාද තම දායකත්වය ලබාදෙන ලදි. ඔහු, මූලික ගුවන් ආරක්‍ෂණ හා බේරාගැනීමේ බලඝණය ස්ථාපිත කිරීම සඳහා පුරෝගාමී විය. මේවන විට එම පක්‍ෂාංගය ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය ලෙස හඳුන්වනු ලබයි.

2005 වසරේ ජනවාරි මසදී ඔහු, පාකිස්ථානයේ, ඉස්ලාමාබාද් හි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක තනතුරේ වැඩ භාරගන්නා ලදී. මෙම තනතුරේ වැදගත් ජයග‍්‍රහණයක් වන්නේ එල්ටීටීඊය පරාජය කිරීම උදෙසා පාකිස්ථානයේ හමුදා උපකරණ හා හමුදා පුහුණුවීම් ලබා ගත හැකි වීමයි. 2007 වසරේ පෙබරවාරි මස 01 වන දින ඔහු එයාර් කොමඩෝර් නිළයට උසස් වීම් ලබන ලද අතර 2007 වසරේ දෙසැම්බර් මස පාකිස්ථානයේ ශී‍්‍ර ලංකා ආරක්‍ෂක උපදේශක තනතුරෙන් ඉවත්ව යන ලදී.

පාකිස්ථානයේ සිට නැවත පැමිණිමෙන් අනතුරුව ඔහු ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විශාලතම ගුවන් හමුදා කඳවුර වන කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරීවරයා වශයෙන් වැඩ භාර ගන්නා ලදී. කටුනායක ගුවන් හමුදා කඳවුර බලඝණ 24 කින් සමන්විත වන අතර පියාසර බලඝණ කිහිපයකින්ද සමන්විත වෙයි. මෙම කාලය තුල එල්ටීටීඊ ගුවන් තර්ජනය ඉස්මතු වුණු අවධියක් වන අතර එම වකවානුව තුල බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපලේ ආරක්‍ෂාව සම්බන්ධව නිසි බළධාරියා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් පත්කරන ලදී. ඔහුගේ මෙම සුවිශේෂී වූ තනතුරු හොබවන කාල පරාසය තුලදී 15 වන සාක් සමුළුව ශ‍්‍රී ලංකාව තුළදී පවත්වන ලදී. ඒ සඳහා රටවල් 7 ක ධූත පිරිස් සහභාගී වූ අතර මෙම සමුළුව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් ඔහු සමුළුවේ ප‍්‍රධාන ආරක්‍ෂක සම්බන්ධීකාරක තනතුරට පත්කරන ලදී. ශ‍්‍රි ලංකා යුධ හමුදාව සහ පොලීසියේ සහාය ඇතිව ඔහු විසින් මෙම සමුළුව සඳහා ආරක්‍ෂක කටයුතු සංවිධානය කරන ලදී.

2008/2009 වසර තුලදී ඔහු චීනයේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ජාතික ආරක්‍ෂක පාඨමාලාව හදාරන ලදී. එසේම ඔහු ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් මෙම පාඨමාලාව හදාරන ලද පළමු නිළධාරියා විය. ඔහු වර්ණ සහ සම්මාන සහිතව චීන ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපාධිය ලබාගන්නා ලදී.

2009 වසරේ නොවැම්බර් මස චීනයේ සිට නැවත පැමිණි පසු ඔහු එයාර් වයිස් මාර්ෂල් නිලයට පත්විය. එසේම 2009 වසරේ දෙසැම්බර් මස ඔහු චීන වරාය ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා වශයෙන් වැඩ භාරගන්නා ලදී. 2010 ජනවාරි මස 01 වන දින චීන වරාය ගුවන් හමුදා කඳවුර ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රථම හා එකම විද්‍යා පීඨය බවට පත්කරන ලදී. විද්‍යා පීඨයක් බවට පත් කිරීමෙන් අනතුරුව ඔහු එහි ප‍්‍රථම පීඨාධිපති  වශයෙන් පත්විය. ඔහු, 2011 සැප්තැම්බර් මස 05 වන දින ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක තනතුරට පත්විය. ඔහුගේ සැපයුම් අධ්‍යක්‍ෂක ධූර කාලය තුළ ගුවන් හමුදා සැපයුම් ක්‍ෂේත‍්‍රය තුළ විශීෂ්ඨ වූ ප‍්‍රගතියක් අත්කර ගන්නා  ලදී. 2014 පෙබරවාරි මස 28 වන දින තම සැපයුම් අධ්‍යක්‍ෂක තනතුරට අමතරව ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධක්‍ෂක තනතුරේද වැඩ භාරගන්නා ලදී. මෙලෙස සැපයුම් අධ්‍යක්‍ෂක තනතුර සහ ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක තනතුරු දෙකම එකවර දැරූ ගුවන් හමුදාවේ එකම අධක්‍ෂකවරයා වන්නේද කපිල ජයම්පති මහතායි. මොහු ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක තනතුර 2014 වසරේ සිට 2016 වසර දක්වා හොබවන ලදී. මොහු 1995 වසරේ අපේ‍්‍රල් මස 30 වන දින සිට ගුවන් හමදාවේ ජේ්‍යෂ්ඨතම හෙලිකොප්ටර් පුහුණු උපදේශකවරයා විය. එසේම මොහු තම දේශයට සිදු කරන ලද මෙහෙවර උදෙසා  දේශපුත‍්‍ර සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ. ඔහු ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ යුද්ධයෙන් තුවාල ලැබූ පළමු නිළධාරියා වන අතර හෙලිකොප්ටර් පියාසැරියක් අතරතුර එල්ටීටීඊ ප‍්‍රහාරයකට ලක්වූ මොහු සිය හෙලිකොප්ටරය මගීන් සමග නිරුපද්‍රිතව කඳවුර වෙත රැගෙන එන ලදී.

එසේම ඔහු ගුවන් හමුදා හොකී සංචිතයේ සභාපති ලෙසද කටයුතු කරන ලදී.

සිය සේවා ජීවිතයේදී ඔහු විසින් පහත පාඨාමාලා හදාරා තිබේ.

x    1986 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි බෙල් ටෙක්ස්ට්‍රොන් හි බෙල් හෙලිකොප්ටර් සංක‍්‍රමණ පාඨමාලාව.
x    ඉන්දියානු ගුවන් හමුදාවේ ඒකාබද්ධ ගුවන් යුධ අභ්‍යාස පාඨමාලාව- 1992
x    පාකිස්ථානු ගුවන් හමුදාවේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව - 1992
x    එක්සත් රාජධානියේ ක්‍රෝන්වෙල්හි, රාජකීය ගුවන් හමුදාවේ ගුවන් සේවක උපදේශන පාඨමාලාව - 1996
x    තායිලන්තයේ, බැංකොක්හි, ආරක්‍ෂක සම්පත් කළමණාකරන පාඨමාලාව - 1997
x    එක්සත් ජනපදයේ, ගුආම් හි, ගුවන් තලය සම්බන්ධ සම්මන්ත‍්‍රණය - 1998
x    තායිලන්තයේ, බැංකොක්හි, කෝබ‍්‍රා ගෝල්ඞ් ඒකාබද්ධ අභ්‍යාසය - 2001
x    එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි, මොන්ටෙරෙහි නාවුක හමුදා පශ්චාත් උපාධි පාසලෙහි, ආරක්‍ෂක සම්පත් කළමණාකරන පාඨමාලාව - 2004
x    2008/2009 චීනයේ , ජාතික ආරක්‍ෂක පාඨමාලාව.
x    2007-2008 පාකිස්ථානයේ ප්‍රෙස්ටන් විශ්ව විද්‍යාලයේ, ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව පශ්චාත් උපාධිය.
x    2015 වසරේ එක්සත් ජනපදයේ හාවඞ් විශ්ව විද්‍යාලයේ ඇලූමිනා
x    2015 වසරේ එක්සත් ජනපදයේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ඇලූමිනා

දේශයේ සාමය සුරක්‍ෂිත කරලීම උදෙසා දක්වන ලද විශිෂ්ඨ සේවාව උදෙසා ඔහු පහත සම්මානයන්ගෙන් පිදුම් ලබන ලදී.
x    පූර්ණ භූමි පදක්කම - 1988
x    දේශ පුත‍්‍ර සම්මානය - 1989
x    රණ වික‍්‍රම පදක්කම - 1996
x    වීර වික‍්‍රම විභූෂණ පදක්කම - 1998
x    රණ සූර පදක්කම හතර වතාවක් හිමිකරගෙන ඇත (03 Bars) - 1992, 1994, 1996, 1998
x    උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම - 1999
x    රිවිරැස මෙහෙයුම් සේවා පදක්කම - 1999
x    50 වන සංවත්සර සැමරුම් පදක්කම - 2001
x    උතුරු මානූෂීය මෙහෙයුම් පදක්කම - 2011
x    නැගෙනහිර මානූෂීය මෙහෙයුම් පදක්කම - 2011

එයාර් මාර්ෂල් කපිල ජයම්පති විවාහක වන අතර දරුවන් හතර දෙනෙකු සිටියි.

පිහිනීමට, සංගීතයට සහ ගොල්ෆ් ක‍්‍රීඩාවට විශේෂිත ඇල්මක් දක්වයි.


ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි