

ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කඳවුර මගින් පරිපාලන කටයුතු හා ප්‍රවර්ධන කටයුතු සිදු කරනු ලබන අතර ගුවන් හමුදා මූලස්ථානයට අවශ්‍ය සහයද ලබා දෙනු ලබයි. රාජ්‍ය සේවා කටයුතු සඳහා අවශ්‍ය වන ආරක්ෂිත කටයුතුද මෙම කඳවුර මිගින් සිදු කරනු ලබයි. තවද මෙම කඳවුර මගින් කොළඹ නගරය තුල ආරක්ෂක රාජකාරීන්ද සිදු කරනු ලබයි. මෙම කඳවුර තුල හෙලිකොප්ටර් පමනක් හැසිරිය හැක.
වාහන සංකීර්ණයක්, වෛද්‍ය හා දන්ත වෛද්‍ය අංශ විවාහක නිල නිවාස පහසුකම් නිලධාරී හා සෙසු නිලයන් සඳහා කොළඹ 08 පෙදෙසෙහි පිහිටා ඇත. මෙම සංකීර්ණය ගුවන් පුර යනුවෙන් හඳුන්වනු ලබන අතර එහි සුභසාධක වෙලඳසැලක් සහ පිහිනුම් තටාකයක්ද පිහිටා ඇත. නිලධාරීන් සඳහා නවාතැන් පහසුකම් කොළඹ 07 පෙදෙසෙහි පිහිටා ඇත.
මෙම කඳවුර මගින් ගුවන් හමුදා පුද්ගලයින් සඳහා ක්‍රීඩා හා විනෝදාත්මක කටයුතු සඳහා පහසුකම්ද සපයා ඇත. රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටිය ක්‍රිකට්, ෆුට්බෝල්, නෙට්බෝල් වැනි ක්‍රීඩා සඳහා යෝග්‍ය වන අතර එය ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෝ වෙනත් ආයතනයන් අතර මහත් ප්‍රසිද්ධියක් උසුලයි.අනදෙන නිලධාරීගෘප් කැප්ටන් ඩී ජේ සී වීරකෝන් RSP, USP, MDS, awoc, psc, MIM(SL), AMITD(SL)ලිපිනයගෘප් කැප්ටන් ඩී ජේ සී වීරකෝන් RSP, USP, MDS, awoc, psc, MIM(SL), AMITD(SL)අණදෙන නිලධාරීශ්‍රී ලංකා ගුවන් හමුදාවකොළඹදුරකථන+94 11 2441044, 2495495 222441