එයාර් වයිස් මාර්ෂල් එම් ඩී ඒ ජී සෙනෙවිරත්න
USP, MDS, MSSD, BSc (Aero Eng-USA), ndc (Ban), AMIESL, psc, z
එයාර් වයිස් මාර්ෂල් ගිහාන් සෙනෙවිරත්න කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා 1992 මැයි 28 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණු අතර 1996 මැයි 28 දින ගුවන් හා සාමාන්‍ය ඉංජිනේරු ශාඛාවේ නියමු නිලධාරියෙකු ලෙස පත් කරන ලදී .
ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන කාලය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගගන ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීමට පෙර ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකයේ මාණ්ඩලික නිලධාරි, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම මාධ්‍ය අධ්‍යක්ෂක, කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරී, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු, මෝටර් රථ ප්‍රවාහන අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ ජනරාල් සාමාන්‍ය ඉංජිනේරු ඇතුළු තනතුරු රාශියක සේවය කර ඇත.
එයාර් වයිස් මාර්ෂල් සෙනෙවිරත්න මහතා කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයීය පාඨමාලා අංක 14 සම්පූර්ණ කරමින් ඉහළම ශ්‍රේණියේ උපාධිධාරියා ලෙස ඉදිරියට පැමිණෙමින් හොඳම සේනාවිධායක පර්යේෂණයට හිමි රන් පෑන සම්මානය ද හිමිකර ගත්තේය. සපුගස්කන්දේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 2 හි සාමාජිකයකු ලෙස ගුවන් හමුදාවේ ඉහළින්ම සමත් වූ ඔහු හොඳම පුද්ගල පර්යේෂණ පත්‍රිකාවට හිමි රන් පෑන දිනා ගනිමින් සේනාවිධායක ගෞරව නාම ලේඛනයේ ස්ථානයක් හිමිකර ගත්තේය. ඔහු බංග්ලාදේශයේ මීර්පූර්හි ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ බංග්ලාදේශයේ වෘත්තීයවේදීන්ගේ විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂාව සහ සංවර්ධනය පිළිබඳ සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.
එයාර් වයිස් මාර්ෂල් සෙනෙවිරත්න මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කරාතේ සභාපති ධුරය ද දරනු ලබන අතර ඔහුගේ විශිෂ්ඨ සේවය අගයමින් "උත්තම සේවා පදක්කම" ද ඔහුට පිරිනමා ඇත.