අධ්‍යක්ෂක ඡනරාල් විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ ඉන්ජිනේරු

Director Administration

එයාර් වයිස් මාර්ෂල් ඒ හෙට්ටිආරච්චි
USP, Pg Dip (Def Mgt), EMSc (Information Security)

එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි නිළධාරීතුමන් 1994 අගෝස්තු 9 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ 28 වන කැඩෙට් නිලධාරී බඳවා ගැනීමේ කෙඩෙට් නිළධාරීයකු සෙල ගුවන් හමුදාවට සම්බන්ධ වීමත් සමඟ සේවා ජීවිතය ආරම්භ කරන ලදී.කැඩෙට් පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු, 1996 මැයි 8 වන දින සැපයුම් අංශයේ නියමු නිලධාරියෙකු ලෙස පත් කරන ලද අතර ගැටුම්කාරී තීරණාත්මක කාලවලදී AN-32 ගුවන් යානයේ මෙහෙයුම් පියාසර වලට සහය වෙමින් ස්කන්ද නියාමකවරයකු ලෙස විශිෂ්ට සේවාවක් ඉටු කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ තොරතුරු තාක්ෂණ යුගයේ උදාවත් සමඟ, ඔහුගේ විශේෂඥතාව උපයෝගී කරගනිමින්, 2000 දී තොරතුරු තාක්ෂණ ඉංජිනේරු ශාඛාව ස්ථාපිත කිරීමේදී පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළ අතර, ගුවන් හමුදාවේ තාක්ෂණික හැකියාවන් සැලකිය යුතු ලෙස ඉදිරියට ගෙන ගියේය.

එයාර් වයිස් මාර්ෂල් හෙට්ටිආරච්චි කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙසද සේවය කළ අතර, එහිදී ඔහු නවීන යුද්ධයේදී ගුවන් හමුදාවේ උපායමාර්ගික හැකියාවන්ට දායක වෙමින් මිනිසුන් රහිත ගුවන් යානා (UAV) පර්යේෂණ, සංවර්ධනය සහ මෙහෙයුම් යෙදවීමේදී ගතික කාර්යභාරයක් ඉටු කළේය.

ඔහුගේ ආදර්ශමත් සේවය සහ නොසැලෙන කැපවීම අගයමින්, “උත්තම සේවා පදක්කමෙන්ද” පිදුම්ලබා ඇත.

ඔහුගේ මෙහෙයුම් සහ තාක්ෂණික ජයග්‍රහණවලට අමතරව, එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි ශ්‍රී ලංකා ගුවන් හමුදා ඔරු පැදීමේ සහ කයාකිං සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබයි.



ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි