
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවන්නන්ගේ දායකත්වය අම්පාරට
අම්පාර ප්‍රදේශයේ ගින්නක් ඇතිවී ඇති අතර එය මැඩ පැවත්වීම සඳහා අම්පාර පොලිසියෙන් කළ ඉල්ලීමක් මත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිණිනිවාරණ අංශයේ කණ්ඩායමක් අවශ්‍ය උපකරණ ට්‍රක් රථ හා බව්සර් රථයක්ද පිටත් කර යවන ලද අතර 11.30 පැය වන විට එම ගින්න සාර්ථකව මැඩ පැවත් වීමට හැකි විය. ෆ්ලයිට් ලෙෆ්ටිනන් රන්නෙත්ති, සැරයන් පරනගම, කෝප්‍රල් ගුණසේකර, කෝප්‍රල් සංජීවන් හා නායක ගුවන් භට සංජීව යන අය ගින්න මැඩ පැවත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිණි නිවන්නන් වශයෙන් සහභාගී වන ලදී.




