අංක 1 විවේක පහසුකම් හා ක‍්‍රියාකාරකම් සම්පාදන පක්‍ෂාංගය සිය සංවත්සර දිනය සමරයි
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පිහිටා ඇති අංක 1 විවේක පහසුකම් හා ක‍්‍රියාකාරකම් සම්පාදන පක්‍ෂාංගය සිය තුන්වන සංවත්සරය පසුගිය දෙසැම්බර් මස 4 වන දින සමරන ලදී.

සංවත්සර දිනය සමරමින් ලේ දන්දීමේ ව්‍යාපාරයක් චීනවරාය විද්‍යාපීඨ කඳවුරු පීඨාධිපතිතුමන්, අණදෙන නිළධාරීතුමන් සහ අංක 1 විවේක පහසුකම් හා ක‍්‍රියාකාරකම් සම්පාදන පක්‍ෂාංගයේ කාර්ය මණ්ඩලය එක්ව සිදු කරන ලදී. මෙම අවස්ථාව ත‍්‍රිකුණාමළය මහ රෝහල සමග එක්ව සිදු කරන ලද අතර නිළධාරීන් සහ සෙසු නිළයන් 129 දෙනෙකු මෙම අවස්ථාවට දායක විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි