ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 1 තොරතුරු තාක්ෂණ අංශයේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ.
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 1 තොරතුරු තාක්ෂණ අංශයේ නව අණදෙන නිලධාරිවරයකු 2026 පෙබරවාරි 06 වනදින පත්කරන ලදී. සම්ප්‍රදායික භාරදීමේ/භාර ගැනීමේ පෙළපාලිය මූලික පෙළපාළි භූමියේදී පවත්වන ලදී. එහිදී නික්ම යන අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් වී.පී.එස් ගුණසේකර නිලධාරිතුමන් විසින් වින්ග් කමාන්ඩර් ඊ.එම්.අයි.ඩබ්ලිව්.ආර් ඒකනායක නිලධාරිතුමන් වෙත නව අණදෙන නිලධාරි තනතුර භාර දෙන ලදී.
නික්ම යන අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් ගුණසේකර නිලධාරිතුමන් ගුවන් හමුදා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරී තොරතුරු තාක්ෂණ II තනතුර භාර ගනු ඇත.
නව අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ඒකනායක නිලධාරිතුමන් අංක 1 තොරතුරු තාක්ෂණ පක්ෂාංගයේ අණදෙන නිලධාරී ලෙස පත්වීමට පෙර ගුවන් හමුදා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරී විගණන සහ ක්‍රියාත්මක කිරීමේ සහ ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ ව්‍යාපෘති සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන ලදී.