පකිස්තානු ජාතික ආරක්ෂක විෂ්වවිද්‍යාලයේ නියෝජිත පිරිස ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක


අද උදැසන පකිස්තානු ජාතික ආරක්ෂක විෂ්වවිද්‍යාලයේ නියෝජිත පිරිස ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය.ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ජී.පී බුලත්සිංහල මහතා විසින් පකිස්තානු නියෝජිත පිරිස ගුවන් හමුදා මූලස්ථාන කදවුරු පරිශ්‍රයට පිලිගන්නා ලදී.මෙම කණ්ඩායම සදහා පාකිස්තානු යුධ,නාවික,ගුවන් හා සිවිල් ශිෂ්‍යයින් ඇතුලත් වූ අතර ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් අරාබී එමීර් රාජ්‍යය හා චීනය නියෝජනය කරමින් ජේෂ්ඨ නිලධාරීන් ද එක් විය.

පකිස්තානු ජාතික ආරක්ෂක විෂ්වවිද්‍යාලයේ ජේෂ්ඨ උපදේශක කොමදෝරු අසිෆ් සලීම් චෞද්‍රී මෙම සංචාරයේ මූලිකත්වය ගෙන කටයුතු කල අතර, අනතුරුව මෙම නියෝජිත පිරිස ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කේ.ඒ. ගුණතිලක මහතා සමග කෙටි පිළිසදරක නිරත විය.තවද ගුවන් හමුදා මෙහෙයුම් හා නූතන සංවර්ධනය පිලිබදව  ගුවන් හමුදා මුලස්ථානයේ ජේෂ්ඨ ගුවන් මාණ්ඩලික නිලධාරී ගෲප් කැප්ටන් එස්.ජේ.එස් ප්‍රනාන්දු මහතා විසින් දේෂනයක් ද කරන ලදී.මෙම හමුව සිහිවීම පිණිස දෙපාර්ෂවයෙන්ම සමරු පලක හුවමාරු කරගැනීමක්ද සිදු කෙරින.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.