දරුවන් සදහා උපදේශණ හා නායකත්ව පුහුණු වැඩමුළුවක්

ගුවන් හමුදා කොළඹ කදවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනි වසන්තා ප්‍රනාන්දු මැතිණියගේ මග පෙන්වීම යටතේ වයස අවුරුදු 13-18 කුඩා දරුවන් උදෙසා උපදේශණ හා නායකත්ව පුහුණු වැඩමුලුවක් පසුගියදා ගුවන් හමුදා රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයේදී පැවැත් විණ.

අනාගත අභියෝග සදහා මුහුණ දීමට අධ්‍යාපනයේ උපරිමයට ලගාවීමට අද්‍යත්මික හා දනාත්මක සිතුවිලි වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුන විය.තවද මෙමගින් නායකත්ව හා පෞර්ෂ වර්ධනය පිලිබදව ද දැනුවත් කරන ලදී.

මෙම අවස්ථාව සදහා 55 අදික දරුවන් සංඛ්‍යාවක් සහභාගි වූ අතර මෙම වැඩසටහන බස්නාහිර පළාත් මනෝවිධ්‍යාත්මක සමාජ අන්තර්ක්‍රියා උපදේශණ සම්පත් මධ්\අස්ථානයේ නියෝජ්‍ය කලමණාකාර කේ.ආර් ලක්ෂ්මන් මහතා විසින් මෙහෙයවන ලදී.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සෞඛ්‍ය අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් ඩී.එම්.එස් කරුණාරත්න ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් කේ.එෆ්.ආර් ප්‍රනාන්දු හා එම මැතිණිය, නිලන්ති හේවාවසම් මහත්මිය හා කොළඹ කදවුරු සේවා වනිතා ඒකකයේ අංශභාර නිලධාරි විංග් කමාන්ඩර් පතිරන යන මහත්ම මහත්මීන්ද මේ අවස්ථාවට එක් විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.