ගුවන් හමුදා අවුරුදු පොළ 2013

ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගෞ සභාපතිණි නීලීක අබේවික්‍රම මැතිණියගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා අවුරුදු පොළ අද (11) දින කොළඹ ගුවන් හමුදා කදවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියේදී පැවැත් විණ.

සැම අවුරුද්දකම උත්සව සමය ඉලක්ක කර ගනිමින් සිවිල් සහ සේවා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් අඩු මිලට සහ උසස් තත්වයේ භාණ්ඩ සැපයීම මෙම අවුරුදු පොළ පැවැත්වීමෙහි මූලික අරමුණු විය. එක් එක් ගුවන් හමුදා කදවුරු වෙනුවෙන් වෙන වෙනම වෙළද කුටි වෙන්කර තිබූ අතර විශාල පිරිසක් භාණ්ඩ මිලදී ගැනීමෙහි නිරතවනු දක්නට ලැබුනි.

උත්සවයේ ප්‍රධාන අමුත්තන් ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි නීලීකා අබේවික්‍රම මැතිණිය,ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම්.එල්.කේ පෙරෙරා,ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිලධාරී ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන්, නිළධාරින්, සහ සෙසු නිළයන්, සිවිල් සේවකයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගි විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.