සහාය ආර්ථික කළමනාකරන නිලධාරීන් ගුවන් හමුදා කදවුරින් විසිර යයි

ආර්තික සංවර්ධන අමාත්‍යන්ශයේ අදහසකට අනුව රාජ්‍ය ආයතනවල ආර්ථික සංවර්ධන සහාය නිලධාරින් ලෙස පත්වීම් ලද උපාධිදාරීන් සදහා නේවාසික කුසලතාවය්න් වර්ධනය කිරීමේ සති දෙකක පුහුණු වැඩසටහන 2013 මාර්තු මස 26 දින සිට අප්‍රේල් මස 09 වන දින දක්වා ගුවන් හමුදා කදවුරේදී පැවැත් වින.

රාජ්‍ය නිලධාරියකු ලෙස තම මවුබිම වෙනුවෙන් ඉටුවියයුතු සේවාවන් ඉතා ඵලදායි ලෙස ඉටුකිරීමට අවශ්‍ය ආකල්ප, දනාත්මක සිතුවිලි වර්ධනය හා චර්යා වර්ධනය පිලිබදව දැනුවත් කිරීම මෙහි මූලික අරමුණ විය.

සති දෙකක පුහුණු පාඨමාලාව අවසානයේ "නෙත් අභිරූ' නම් වූ ඔවුන්ගේ දක්ෂතාවය්න්ගෙන් ගොඩනැගුණු සන්දර්ශනාත්මක වැඩසටහනක් ඉදිරිපත් කරන ලදී. ඩදුල්ල දිසා ලේකම් කාර්යාලයේ සහාය අධ්‍යක්ෂක සුජීව කුමාර මහතා හා ආර්ථික සංවර්ධන අමාත්‍යන්ශයේ සහාය අධ්‍යක්ධිකා ඉනෝකා විජේවර්ධන මැතිනිය ද මේ අවස්තාවට එක් විය.

ගුවන් හමුදා දියතලාව කදවුරු වැඩබලන අණදෙන නිලධාරී එස්.පී.වී.කේ සේනාධීරගේ අධීක්ෂනය යටතේ ස්කොඩ්‍රන් ලීඩර් ජේ.ඒ.ඒ.පී ජයකොඩි විසින් මෙම පාඨමාලාව සංබන්ධීකරනය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.