"ක්‍රෝ ෆ්ලයිස් 2013" ගොල්ෆ් තරගාවලිය

යුධ හමුදා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කල "ක්‍රෝ ෆ්ලයිස් 2013" ගොල්ෆ් තරගාවලිය යුධ හමුදාධිපති ලුතිනන් ජෙමරාල් ජගත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දියතලාව ආරක්ෂාක විධ්‍යාපීඨ ගොල්ෆ් පිටියේදී නිමාවට පත් විය. ආරක්ෂක අංශයන්හි සේවයේ නියුතු සේවා පුද්ගලයින් කෙරෙහි ගොල්ෆ් ක්‍රීඩාව පිලිබදව උද්‍යෝගයක් ඇතිකිරීම මෙම තරගාවලිය පැවැත් වීමේ ප්‍රධාන අරමුණ වූ අතර මේ සදහා යුධ,නාවික,ගුවන් හා වෙනත් ක්‍රීඩා සමාජ රැසක් තරග වැදුනහ.

ගුවන් හමුදා කණ්ඩායම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් මෙහෙය වූ අතර ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂක් කේ. ඒ. ගුණතිලක, ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ.වී.බී ජයම්පති, ගුවන් හමුදා ඒකල කදවුරු අණදෙන නිලධාරී ගෘප් කැප්ටන් පී රණසිංහ කණ්ඩායමට ඇතුලත් අනෙකුත් ක්‍රීඩකයින් විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.