ගුවන් හමුදාධීපති තුමන්ගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා කදවුර පලාලී

2013 අප්‍රේල් මස 22 වන දින ගුවන් හමුදාධිපති තුමන්ගේ වාර්ෂික පරීක්ෂනය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ගුවන් හමුදා පලාලි කදවුරේදී සිදු කරන ලදී.ගුවන් හමුදා පලාලි කදවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඒ.ජේ අමරසිංහ මහතා ගුවන් හමුදාධිපති තුමන් කදවුරු පරිශ්‍රයට පිළිගන්න ලදී.

අනතුරුව ප්‍රභූ විවේකාගාරයක්, නැවත ප්‍රතිසංස්කරණය කරන ලද කුලුණ, නිලධාරි නිවස්නයේ නව භෝජනා ගාරය, අවිකරු පුහුණු පාසලේ නව ගොඩනැගිල්ල හා අළුතෙන් ඉදිකරන ලද හෙලිටුවර්ස් ගොඩනැගිල්ල ගුවන් හමුදාධිපති තුමන් අතින් විවෘත කරන ලදී.

පසුව සියළුම සේවා හා සිවිල් පුද්ගලයින් අමතා වර්ථමාන කදවුරේ දියුණුවට හෙතුවන පරිදි ක්‍රියා කල සැම වෙත සිය ප්‍රසංසාව පිරිනමන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.