"ගගන විරු සවිය" ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය - 2013

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච්ඩී අබේවික්‍රම මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීලිකා අබේවික්‍රම මහත්මියගේ ප්‍රධානත්වයෙන් "ගගන විරු සවිය" ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය - 2013 අප්‍රේල් 25 වන දින ඒකල ගුවන් හමුදා කඳවුරේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

5 වන වරටත් සංවිධානය කර මෙම ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය සදහා ශ්‍රි ලංකා ගුවන් හමුදාව මෙවර සම්පූර්න අනුග්‍රහය ලබා දීම විශේෂත්වයකි. මෙහිදී වයස අවුරුදු 10 සිට 17 දක්වා ළමුන් 200ක් සඳහා ශිෂ්‍යත්ව පිරිනමන ලද අතර  මෙම ශිෂ්‍යත්වය මෙම ළමුන් සදහා උසස් පෙළ විභාගය දක්වා පිරි නමනු ලබයි.

මෙම උත්සවය සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒක්කයේ ගරු සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිණිය  සහභාගි වූ අතර ගුවන් හමුදා ඒකල කදවුරු අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් පී රනසිංහ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයද මේ අවස්ථාවට එක් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.