2013 අන්තර් වකක අත් පංදු ශුරතාවය ගුවන් හමුදා වවුනියාවට

2013 අප්‍රේල් මස 26 වන දින මහරගම තරුණ සේවා සභාවේ පැවති අන්තර් ඒකක අත් පංදු ශුරතවලිය දිනා ගැනීමට ගුවන් හමුදා වවුනියාව කදවුර සමත් විය.අවසන් තරගය සදහා තෙරී පත්වුණු කටුනායක අංක 28 රෙජිමේන්තු පක්ෂාංගය ලකුනු 26-13 ලෙස පරජයට පත් කරමින් ශුරතාවය හිමි කරගන්නා ලදී.

ගුවන් හමුදා අත් පංදු සංචිතයේ ප්‍රධාන පුහුනුකරු වන ඩැනියෙල් කොචාර්ඩ් මහතා ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, ගුවන් හමුදා අත් පංදු සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් ජේ.ඒ නානායක්කාර, යුධ හා නාවික හමුදාවන්හි අත්පංදු සභාපතිවරුන් වන කර්නල් ආර්. ගුණසේකර හා කොමාණ්ඩර් ඩී. පත්බෙරිය මේ අවස්ථාවට එක් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.