ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂනය ගුවන් හමුදා කදවුර මඩකලපුව

2013 මැයි මස 10 වන දින ගුවන් හමුදාපති තුමන්ගේ වර්ෂික පරීක්ෂනය ගුවන් හමුදා මඩකලපුව කදවුරේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින.කදවුරු අණදෙන නිලධාරී විංග් කමාණ්ඩර් ඩබ්.එම්.ඒ.බී වැවේගම විසින් ගුවන් හමුදපති තුමන්ව කදවුරු පරිශ්‍රයට පිලිගන්න ලදී.

ගුවන් හමුදාපති තුමන් ගුවන් හමුදා වවුනියාව කදවුර ආවරනය වන පරිදි වාර්ෂික පරීක්ෂනය සිදුකල අතර නව සුභ සාදක වෙළද සල,අතර්ජාල පහසුකම් සහිත ගොඩනැගිල්ලක් හා බිලියඩ් ක්‍රීඩවේ යෙදීමට හැකි ස්ථානයක් ද ගුවන් හමුදාපති තුමන් අතින් විවෘත කෙරින.නතුරුව ගුවන් හමුදාවේ අභිවෘධිය වෙනුවෙන් කටයුතු කල  නයක ගුවන් භට ජයසිංහ එච්.ටී.කේ.ඒ. සහ් නය්ක ගුවන් භට අබේසිංහ කේ.ඒ.එස්.සී ගුවන් හමුදාපති තුමන්ගේ සම්මානයෙන් පිදුම් ලැබීය.

අනතුරුව ගුවන් හමුදා මඩකලපුව කදවුරු සිවිල් හා සේවා පුදගලයින් අමතා ඔවුන් කදවුර වෙනුවෙන් කල සේවය් අගයමින් ප්‍රසංශාත්මක දේශනයක් ද ගුවන් හමුදාපති තුමන් විසින් ඉදිරිපත් කරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.