වඩා සෞඛ්‍යදායි ජීවන රටාවක් සදහා දැනුවත් කිරීමේ වැඩසටහන

සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්මක් පිළිබදව ගුවන් හමුදා නිලධාරින් දැනුවත් කිරීමේ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2013 මැයි මස 13 වන දින ගුවන් හමුදා මුලස්ථානයේදී පැවැත් වින.මෙම වැඩසටහන ගුවන් හමුදා සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය විසින් සංවිධානය කල අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය වෛද්‍ය උපදේශක සුසී පෙරේරා මහත්මිය දේෂනය මෙහෙයවන ලදී.

එයාර් කොමඩෝර් පී.ඩී.ඒ මාරිස්ටෙලා විසින් සම්බන්ධීකරනය කල මෙම වැඩසටහන සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීලීකා අබේවික්‍රම, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කේ.ඒ ගුණතිලක, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය හා නිලධාරීන්ද මේ අවස්ථාවට එක් විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.