ගුවන් හමුදාධීපති අභියොගතා ගොල්ෆ් තරඟාවලිය - 2013
2013 වර්ෂයේ පැවැත්වීමට නියමිත අභියෝගතා තරඟාවලියේ ජයග්‍රාහකයා සඳහා ලබා දෙනු ලබන කුසලානය ගුවන් හමුදා ගෝල්ෆ් සභාපති එයාර් වයිස් මාර්ෂල් කේ වී ජයම්පති හට නිළ වශයෙන් භාර දීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැති තුමාගේ ප්‍රධානත්වයෙන් 2013 මැයි මස 28 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය. මෙම කුසලානය විශේෂිත වන අතර මෙය නිර්මාණය කර ඇත්තේ 1873 වසරේ සිට පැවැත්වෙන මහා බ්‍රිතාන්‍ය විවෘත ගෝල්ෆ් තරඟාවලියේ ජයග්‍රහකයාට හිමි කුසලානයේ අනුරුවක් ලෙසය.
ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පිහිටා ඇති ඊගල්ස් ගොල්ෆ්ලින්ක්ස් ක්‍රීඩාපිටිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වන අතර මනරම් වටපිටාවකින් සමන්විත ගෝල්ෆ් සිදුරු 18 සහිත ජාත්‍යාන්තර තලයේ ක්‍රීඩාපිටියකි.

