ශ්‍රීරී ලංකා ගුවන් හමුදාව හිඟුරක්ගොඩ කඳවුරේ ගුවන් හමුදාධිපති තුමාගේ වාර්ශික පරීක්ෂණය

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිඟුරක්ගොඩ කඳවුරේ ගුවන් හමුදාධිපති තුමාගේ වාර්ශික පරීක්ෂණය 2013 මැයි මස 31 වන දින පැවැත්වන ලදී. මෙහිදී නිරීක්ෂණ පෙළපාලිය සඳහා ගුවන් හමුදාව හිඟුරක්ගොඩ කඳවුරේ අණ දෙන නිලධාරී  ගෘප් කැපිටන් ආර් පී ලියනගේ විසින් අණ දෙන ලදී.


මෙහිදී ගුවන් හමුදාධිපති තුමා විසින් අංක 07 වන හෙලිකොප්ටර් බලඝණය, අංක 09 වන ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය, අංක 02 වන සැපයුම් මධ්‍යස්ථානය හා 25 වන රෙජිමේන්තු පක්ෂාංගය යන ස්ථාන පරීක්ෂණය කරන ලදී.


22821 සැරයන් බාලසූරිය ඒ පී කේ එල් හා  සිවිල් සේවක ජී ඩබ්ලිව් එන් පී ගුණරත්න යන අය කඳවුරේ සංවර්ධනය වෙනුවෙන් කළ කාර්ය්‍යන්හි ඇගයීම සඳහා ගුවන් හමුදාධිපති සම්මාණයෙන් පිදුම් ලබන ලදී.


ගුවන් හමුදාධිපති තුමාගේ වාර්ශික පරීක්ෂණය අවසානයේදී නිලධාරීන්, සෙසු නිලයන් හා සිවිල් සේවකයින් අමතා ගුවන් හමුදාධිපති තුමා කථා කළ අතර මෙම කඳවුරේ සංවර්ධනය වෙනුවෙන් කළ කාර්ය්‍ය සඳහා සියළුම දෙනා හට ප්‍රසංශාව පළ කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.