ගුවන් හමුදාධිපති අභියෝගතා ගෝලෆ් තරගාවළිය -2013

ගුවන් හමුදාධිපති අභියෝගතා විවෘත ගෝල්ෆ් තරගාවළිය ශ්‍රීලංකා ගුවන් හමුදා චිනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් ක්‍රීඩා පිටියේදි 2013 ජුනි 01 වනදින ඉතා සර්ථකව නිමාවට පත්විය.

එදින උදැසන 0730 පැයට ආරමිභ කළ මෙම තරගාවළිය සදහා ගුවන් හමුදා ගෝල්ෆ් සභාපති එයාර් වයිස් මාෂල් කේ වි ජයමිපති, එයාර් වයිස් මාෂල් පි ඩි ජෙ කුමාරසිරි, එයාර් වයිස් මාෂල් ආර් ජෙ පතිරගේ සහ ගුවන් හමුදා චිනවරාය විද්‍යා පිඨ පිඨාධිපති  එයාර් කොමොඩර් එස් කේ පතිරණ ඇතුළු දිවයිනේ සිවි දෙසින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකු සහභාගි වු අතර මෙම ගෝල්ෆ් ලින්ක්ස් ක්‍රීඩා පිටියේ පිහිටිම මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට අභියෝගාත්මක මෙන්ම අශ්වාදජනක තරගාවළියකට පසුබිමක් විය.     
 
ගුවන් හමුදාධිපති අභියෝගතා තරගාවළියේ පිරිමි ශුරතාවය ලකුණු 30ක් ලබාගත් ආනන්ද ජයසේකර හිමිකරගත් අතර කාන්තා ශුරතාවය ලකුණු 32ක් ලබාගත් මනෝරි ජයකොඩි විසින් හිමිකරගන්නා ලදි. පිරිමි අංශයේ අනුශුරතාවය ලකුණු 29ක් ලබාගත් චන්දන විරසිංහ විසින් දිනාගන්නා ලදි. මිට අමතරව රොහිත සිල්වා දිර්ඝතම පන්දු යොමු කිරිම වෙනුනේද නීලිකා විරසිංහ ආසන්නම පන්දු යොමු කිරිම වෙනුවෙන්ද ජයග්‍රහන හිමිකර ගන්නා ලදි.

මෙම තරගාවළියේ තවත් සුවිශේෂිත්වයක් නමි  ශ්‍රීලංකාවෙ දසත විසිරි සිටින ගෝල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඉතාමත් උසස් මටිටමෙ  ගෝල්ෆ් ක්‍රීඩා පිටියක තරග කිරිමට අවස්ථාවක් උදාවිමයි.

2013 වර්ෂයේ පැවැති ගුවන් හමුදාධිපති අභියෝගතා කුසලාන තරගාවළීයේ ජයග්‍රහකයන්  සදහා කුසලාන ප්‍රධානය කිරිම  ගුවන් හමුදාධිපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමාගේ සුරතින් ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් හි ‘Bay view’රෙස්ටුලන්ටි හිදි සිදුවිය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.