මාලදිවයින ආරක්ෂක මාන්ඩලික ප්‍රධානියාගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා සංචාරය

මාලදිවයින ආරක්ෂක මාන්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අහමඩ් සියම් ndc, psc මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා මුණ ගැසීම සඳහා 2013 ජූනි මස 10 වන දින උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිනෙන ලදී. ඒහිදී මෙම රටවල් දෙක අතර හමුදාවන්හි සහයෝගිතාවය සඳහා වැදගත් වන කරුණු ගැනි සාකච්ඡා කරන ලදී.

 

ගමන අවසානයේ මේජර් ජෙනරාල් සියම්ගේ පැමිනීම සටහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ පැමිණීම් පොතෙහි ඔහුගේ අත්සන තබන ලදී.

 

මේජර් ජෙනරාල් සියම්ගේ දින පහක සංචාරය තුල අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද මුණ ගැසුනු අතර 2013 ජූනි සම 07 වන දින නාවික හමුදාපති තුමාද මුණ ගැසෙන ලදී. පසුව යුධ හමුදාපති තුමා මුණ ගැසුණු අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේද සංචාරය කැන ලදී.

 

මේජර් ජෙනරාල් අහමඩ් සියම් 1986 සැප්තැම්බර් මස 07 වන දින මාලදිවයින ජාතික ආරක්ෂක හමුදාවට බැදී එක්සත් රාජධානියේ රෝයල් මිලිටරි ඇකඩමියෙහි ආරක්ෂන උපාධීය ලබාගෙන ඇත. තවද ඔහු ඉන්දියාවෙහි පිහිටි ජාතික ආරක්ෂක පාසීලේද උපාධි ධාරියෙකු වන අතර පාබල හමුදා නිලධාරී උසස් පාඨමාලාවද ඇමරිකාවෙහි හදාරා ඇත. එමෙන්ම පකිස්ථානයෙහි Command and Staff College හි ප්‍රථම මාලදිවයින උපාධිදාරියාද ඔහුය.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.