ඉරණමඩු ගුවන් පථය ජනතා අයිතියට පැවරේ

කොටි ත්‍රස්ථවාදින්ගෙන් මුදාගැනීමෙන් අනතුරුව නැවත ප්‍රතිසංස්කරණය කරන ලද ඉරණමඩු ගුවන් හමුදා ධාවන පථය අතිගරු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මැතිඳුන් රැගත් එම් ඒ 60 වර්ගයේ ගුවන් යානයේ සමිප්‍රාප්තියත් සමග අද උදැසන එනම් 2013 ජුනි මස 15 වෙනි දින ජනතා අයිතියට පත්කරන ලදී.

මෙම අවස්ථාව සදහා සමිප්‍රධායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද මහතාල උතුරු පළාත් ආණ්ඩුකාර විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා, කිළිනොචිචි ප්‍රදේශයේ රාජ්‍ය නියෝජිත රූබාවරී කැතිස්වරන් මහත්මිය, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා හා යුධ හමුදාධිපති ජෙනරාල් ජගත් ජයසුරිය, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය හා ගුවන් හමුදා ඉරණමඩු කදවුරු අණදෙන නිලධාරි එමි එමි ටී සී මනමිපේරි මහතා  මේ අවස්ථාවට එක් විය.

එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් සම්පුර්ණයෙන්ම විනාශකර දමා තිබු මෙම ගුවන්පථයේ ඉදි කිරීම් කටයුතු 2012 වසරේදී ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ක්‍රිශාන්ත මනම්පේරී නිළධාරී තුමන්ගේ නායකත්වයෙන් ඉදිකිරීම් සිදු කල අතර මෙහි සංවර්ධනය කිරීමේ කටයුතු ගුවන් හමුදා ක්ෂණික ගුවන් ධාවනපථ අලූත්වැඩියා කිරීමේ පක‍ෂාංගය විසින් සිදු කෙරිනි.
 
අලූතින් ඉදිකරන ලද ඉරණමඩු ගුවන් ධාවන පථයේ ගුවන් යානා ගොඩබැස්වීමේ මුලික පෙරහුරුවක් ලෙස 2012 දෙසැම්බර් මස 09 දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් වයි 12 වර්ගයේ ගුවන් යානයක් ගොඩබස්වන ලදී.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකර ඇති මෙම ගුවන් පථය දිගින් මීටර් 1500ක් හා පළලින් මීටර් 25කින් සමන්විත වෙයිග මෙහි සැලසුම්ල ඉංජිනේරුල ඉදිකිරීම්ල යන්ත්‍රෝපකරණ හා තාක්ෂණික ඇතුලූ සියලූම කටයුතු ගුවන් හමුදාවේ විවිධ ක්ෂේත්‍රවල ගුවන් භටයින් විසින් සිදුකිරීම මෙහි ඇති විශේෂත්වයයි. තවද ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු විශාලතම ගුවන් යානය වන සී - 130 ගුවන් යානය පවා මෙම ගුවන් පථය මත ගොඩබැස්සවීමට හැකි පරිදි නිර්මාණය කර ඇත.

මින් ඉදිරියට මෙම ගුවන් පථය හරහා උතුරේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මෙන්ම උතුරු හා නැගෙනහිර පලාත්වල සංචාරයේ යෙදෙන සංචාරකයන් වෙනුවෙන් අභ්‍යන්තර ගුවන් ගමන් සේවය වඩාත් සක්‍රියව කඩිනම්ව ලබා ගැනීමට හැකිවනු ඇත.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.