‘ඊගල්ස් කැෆේ‘ ගරු කථානායක චමල් රාජපක්ෂ මැති තුමා අතින් වීරවිලදී විවෘත කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ආරාධනය මත ශ්‍රී ලංකා පාර්ලීමේන්තුවේ ගරු කථානායක චමල් රාජපක්ෂ මැති තුමා අතින් ‘ඊගල්ස් කැෆේ‘ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වීරවිලදී විවෘත කරන ලදී.

අළුතින් ඉදිකරන ලද භෝජනාගාරය හා උසස් තත්වයේ ආපන ශාලාව මගින් මෙහි පැමිනෙන අමුත්තන් හට සහනදායි මිලට උසස් සේවාවක් සපයනු ලැබේ. තවද මෙහි පැමිනෙන දරුවන් සඳහා විනෝද වීමට ඊගල්ස් ඇව්රෝ යන නමින් ගුව්න යානයක්ද සකසා ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා පුද්ගල්යින් හට නිවාඩු නිකේතන පහසුකම්ද කතරගම, යාල හා බුන්දල යන ප්‍රදේශයන්හි සංචාරය කිරීමේ පහසුකම්ද සපයා ඇත. මෙම ආපනශාලාව ආශ්‍රිත ඉදිකිරීම් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක අංශය විසින් සැලසුම් කර ඉදි කරන ලදී.

මෙය විවෘත කිරීමේ උළෙලට සමගාමීව රාත්රී සාදයක්ද පැවැත්වුනු අතර සඳහා ගුවන් හමුදා කළමණාකාර මණ්ඩලය, ප්‍රදේශයේ අමුත්තන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වීරවිල කඳවුරේ අණදෙන නිලධාරී ගෘප් කැප්ටන් එම් ඩී ජේ වාසගේ යන අය සහභාගී වූ  අතර ගුවන් හමුදා තූර්ය්‍ය වාදක කණ්ඩායම හා රංගණ කණ්ඩායම් මගින් රාත්‍රිය අලංකාර කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.