54 වන අධිකාරී නොලත් නිලධාරී පාඨමාලාවේ විසිර යාමේ උත්සවය

54 වන අධිකාරී නොලත් නිලධාරී පාඨමාලාවේ විසිර යෑමේ උත්සවය 2013 ජූනි මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරායේදී පවත්වන ලද අතර ඒම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නියෝජ්‍ය ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් එන් එච් වී ගුණරත්ණ සහභාගී වන ලදී.


ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරාය විද්‍ය පීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් එච් එම් එස් කේ බී කොටකදෙනිය වෙනුවට එහි වැඩ බලන පීඨාධිපති එයාර් කොමඩෝර් ජේපී වනිගතුංග සහභාගී වූ අතර අධිකාරී නොලත් නිලධාරී කළමනාකරණ පුහුණු පාසලේ අණ දෙන නිලධාරී ගෘප් කැප්ටන් සී ජේ බටගොඩ සහ විද්‍යා පීඨයේ අනෙකුත් නිලධාරීන් හා සෙස්සන්ද සහභාගී වන ලදී.


 මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන්නන් හට රජරට විශ්ව විද්‍යාලග මගින් පිළිගැනෙන සහතිකපතක්ද නිකුත් කරනු ලැබේ. 54 වන පාඨමාලාව සඳහා ජේෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 48 දෙනෙක්ද, කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 37 දෙනෙක්ද යුද්ධ හමුදාවේ ජේෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් දෙදෙනෙකු හා නාවික හමුදා නාවික සුළු නිලධාරීන් දෙදෙනෙක්ද සහභාගී වන ලදී.


බලපංති සැරයන් රෝහණ එම් ඒ  හොඳම ශිෂ්‍යා වශෙයන් විනිශ්චය කෙරුණු අතර සැරයන් බණ්ඩාර එම් එම් එන් ආර් සෑම අංගයන්ගෙන්ම හොඳම ජේෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියා වශයෙන් නම් කෙරුණි. සෑම අංගයන්ගෙන්ම හොඳම ජේෂ්ඨ අධීකාරී නොලත් නිලධාරියා වූයේ කෝප්‍රල් හේරත් එච් එම් කේ ටී යන අයයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.