නායකත්ව සංවර්ධන වැඩමුළුව කොළඹ ශාන්ත පීටර්ස් විද්‍යාලයේදී
2013 ජුනි මස 20 වන දින නායකත්ව සංවර්ධන වැඩමුළුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් කොළඹ ශාන්ත පීටර්ස් විද්‍යාලයේදී පවත්වන ලදී. උප දේවගැති ඇන්ටන් රන්ජිත් පියතුමාගේ ආමන්ත්‍රනයෙන් පසු මෙම වැඩමුළුව ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක තත්ත්ව නීරීක්ෂණ නීර්ණ නිලධාරී එයාර් කොමඩෝර් ඒ ඩබ්ලිව් ඊ විජේසූරිය වැඩ කළයුතු ආකාරය ගැන හැදින්වීමක් කළ අතර ගෘප් කැප්ටන් සී බී ලැබ්රෝයි විසින් නායකත්වය පිළිබඳව දේශණයක් සිදු කරන ලදී. කණ්ඩායම්, ගොඩනැංවීම හා කළමනාකරණ ක්‍රියාකාරකම් පිළිබඳව විංග් කමාන්ඩර් එම් ඩී ඒ ජී සෙනවිරත්න විසින්ද, කණ්ඩායම් කළමණාකරණය විංග් කමාන්ඩර් එල් සී දිසානායක විසින්ද චේතනා පිළිබඳව එයාර් කොමඩෝර් ඒ ඩබ්ලිව් ඊ විජේසූරිය විසින්ද පැහැදිලි කරන ලදී.


























